ධාරිතා සංවර්ධණය යනු දිවි මග ජයගැනීමට යොමු කළ හැකි මානව සම්පත සතු ශක්තීන්, දැනුම, කුසලතාවයන් හා අත්දැකීම් වේ. මේවා තමාගේ සේවය ලබා දෙන ආයතනයේ, පවුලේ, සමාජයේ හා දේශයේ සාර්ථකත්වය සඳහා භාවිතා කිරීමට සුදුසු ලෙස පුද්ගල ධාරිතාවය සංවර්ධණය මෙමඟින් අර්ථකතනය වේ.
ධාරිතාව සංවර්ධණය සඳහා පුද්ගලයෙකු සතු නිසග හැකියාව තමාගේ උපතේ සිට පවුලේ හා පරිසරයේ ක්‍රියාකාරකම් හා ආකල්ප තුලින් සංවර්ධණය වේ. එහෙත් එසේ අත්දැකීමට භාජනය වූ පුද්ගලයින්ගේ තවදුරටත් සංවර්ධණය කිරීම හා නොවූ පුද්ගලයින්ගේ වුව සහජයෙන් පිහිටා ඇති හැකියාවන් වර්ධණය කිරීම සඳහා ගනු ලබන උපාය මාර්ගය ධාරිතා සංවර්ධණය ලෙසින් හැඳින්විය හැකිය.
ධාරිතා සංවර්ධණයෙහි ලා හඳුනා ගනු ලැබූ විෂය ක්ෂේත්රයන් 8 ක් මතු දැක්වේ. එම විෂයයන් හැදෑරීමෙන් ඒවා එකිනෙක තමාගේ චිත්ත අභ්‍යන්තරය තුල සමෝදානය (Montage) වීමෙන් හා ප්‍රතිනිර්මාණය වීමෙන් තමා මෙතෙක් නොදුටු නොඇසූ දැනුමක් අවබෝධයක් හා පරිණතියක් තමා තුලින් විද්‍යාමාන වන්නට පටන් ගනී.
බෞද්ධ දර්ශනය අධ්‍යයනය හා දස පාරමී දම් පූර්ණය කිරීම
ගද්‍ය, පද්‍ය හා ප්‍රබන්ධ සාහිත්‍යය
සංගීතය හා සංගීත රසාස්වාදය
සිනමාව හා සිනමා රසාස්වාදනය
නාට්‍ය, චිත්‍ර ශිල්පය ඇතුළු ප්‍රසංග කලාව
ආර්ථික විද්‍යා, සමාජ විද්‍යා, දේශපාලන විද්‍යා මූලධර්ම හා ලෝක දේශපාලන ප්රවනතා
මාක්ස්වාදය ඇතුළු බටහිර හා වෙනත් සම්භාව්‍ය දර්ශණ හා වාද
ස්වාභාවික විද්‍යා, විද්‍යාත්මක ක්‍රමය, ලෝක විෂය, සත්ව විෂය හා තාක්ෂණික ලෝකය
අදට අවශ්‍ය වන්නේ ලෝකයට අවශ්‍ය තාක්ෂණික අධ්‍යාපන සුදුසුකම් ලබමින් ලෝකය හා තරගකාරීව ඉදිරියට යන අතර අපට අහිමි වූ සංස්කෘතික සමාජ සාහිත්‍යමය ගුණයන් හා ලෝකය පිළිබද සකල විධ දැනුම් සම්භාරයන් ගෙන් පෝෂණය වූ ඇසූ පිරූ තැන් ඇති ප්රබුද්ධ පරපුරක් බිහි කිරීමයි. ප්රබුද්ධ මිනිසෙකු බිහි කිරිම සදහා ලාංකීය ප්‍රමිතියක් අවශ්‍ය වන්නේ එහෙයිනි. එය රටක් විසින් ගත යුතු ප්‍රතිපත්තිමය තීරණයක් මත පදනම්ව ඇත. එය එසේ වුවත් එසේ කරන තෙක් බලා නොසිට අදම අප අපගේ මෙහෙවර ඉටු කිරීමට දායක වෙමු.
READ MORENullam vitae congue nisi. Nunc vestibulum feugiat libero quis faucibus. Morbi hendrerit commodo lacus, et bibendum purus. Donec consectetur, nibh sed condimentum posuere, ipsum elit pulvinar tellus, auctor ultrices neque […]
Read more